Thursday, November 17, 2011

සමනලයාගේ Linux පිටුව

දැන් ඔයාලා බලනවා ඇති මොකක්ද මේ open source එහෙමත් නැත්තම් FOSS කියන්නේ මොකක්ද කියලා.FOSS කියන්නේ කෙටි යෙදුමක් ඒකෙ තේරුම තමයි Free and Open Source Software කියන එක. ඉතින් මොකක්ද මේකේ තේරුම? ගොඩක් දෙනෙක් මේ පිළිබදව අහලා නැතිව ඇති ඒ හින්දා මම මේක සරලවම පැහැදිලි කරන්නම්

open source භාවිතා කරද්දි අපට ඕනෙම විදියකට ඒවා බෙදාහරින්න පුළුවන් ඒකේ තියෙන ප්‍රධානම වාසිය තමයි ඒ මෘදුකාංග ලබා ගැනීමට මුදල් අනවශ්‍ය වීම.ඒ වගේම අපට පරිගණක භාෂා පිළිබද දැනීමක් තියෙනවා නම් අපට අවශ්‍ය ඕනැම විදියකට ඒ මෘදුකාංග වෙනස් කරගන්න පුළුවන් ඒ සදහා එම මෘදුකාංග නිකුත් කරන ආයතන මෘදුකාංග කේත සටහන් පවා මහජනයා වෙත නිකුත් කරනවා.ඒ වගේ සේවයක් කරන ප්‍රධානම ආයතනයක් තමයි “canonical” කියන්නේ.ඒ ආයතනය වසර ගනනාවක් මුළුල්ලේම නොමිලේ ලොව සෑම රටකටම ubuntu නමින් හැදින්වෙන linux පදනම් කරගෙන නිමවූ මෙහෙයුම් පද්ධති ඇතුලත් CD/DVD මිලියන ගනනක් බෙදාහැර තිබෙනවා

පසුගිය කාලයේ අපට අසන්න ලැබුනු පුවතක් ඔබට මතක ඇතැයි මා විශ්වාස කරනවා ඉන් කියවුනේ බලපත් රහිත windows මෙහෙයුම් පද්ධති භාවිතා කරන හෝ වෙනත් මෘදුකාංග භාවිතා කරන පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා බවක් ඒක එහෙම සිදුවුනා නම් ලංකාවම එකම හිර ගෙයක් කරන්න වෙනවා මොකද මෑතක් වෙනකන්ම ලංකාවෙ බොහෝ දෙනා එම අනවසර මෘදුකාංග භැවිතයේ යෙදී සිටියා.නමුත් දැන්නම් ඒ තත්වය බොහෝ දුරට මගඇරිලා ඒ මෙම FOSS භාවිතයට බොහෝ දෙනා යොමුවී සිටීම නිසා.

මුලින් නම් මේ මෘදුකාංග භාවිතය තරමක් කරදරකාරී ස්වාභාවයක් ගන්නවා මොකද අළුත් දෙයක්නේ නමුත් එයට හුරු වෙද්දි ඔබටම එහි තිබෙන නිදහස වැටහෙන්නට ගනීවි අවශ්‍ය ඕනෑම අවස්ථාවක තමන්ගේ මෘදුකාංග යාවත් කාලීන(update) කරන්නත් වගේම download කරන්න හැකි වීම පරිශීලකයින්ට ලැබුනු ඉතාමත් වාසි දායක තත්වයක්

දැනට අසන්නට ලැබෙන ජනප්‍රිය නිදහස් මෘදුකාංග කිහිපයක් පහළ දක්වන්නම් ඔබත් භාවිතා කර බලන්න පිටරට සමාගම් පොහොසත් කිරීමට නොගොස් මෙවැනි මෘදුකාංග භාවිතයෙන් නිදහස මෙන්ම දැනුමක්ද ලබා ගැනීමට උත්සහ කරන්න.

Ubuntu
Kubuntu
Firefox
Thunder bird
Solaris
Gimp
Libre office
Libre calc
Scribes
Wine

No comments:

Post a Comment