Saturday, November 26, 2011

Linux වල පුංචි පුංචි වැඩ කෑලි ටිකක් බලමු...

මාර වැස්සනෙ, මට නම් අද ටිකක් සීතලයි. අද දවල් කරන්ට් එකත් නෑ අපිට, ඒක නිසා හවස් වරුව ටිකක් කැරකි කැරකි හිටිය. ඹහොම ඉන්න අතරෙ මේ පැත්තට ඇවිත් අපේ වැඩේ ටිකක් ඉස්සරහට අරගෙන යන්න හිතුන. හවස 6.00 වෙද්දි කරන්ට් එක ආවත් එක එක වැඩ රාජකාරි වලට පැටලුන නිසා මේ පැත්තට එද්දි ටිකක් රෑ උනා. ආ... ඒක නෙමෙයි අපි වැඩේට බහිමු. එදා ඹ්ගොල්ලොන්ට මම Linux Install කරන හැටි කියල දුන්නනේ.. අද අපි ඒකේ පුංචි පුංචි වැඩ කෑලි ටිකක් බලමු.. දැන් අපි මේක Install කරගෙන ඉන්නෙ VirualBox එකේනෙ, ඒක නිසා Log උනාම මෙන්න මේ වගේ තියේවි.


මේහෙම තියෙද්දි VirualBox එකේ scrolls එහෙම පේනවනෙ, මට නම් එතකොට කිසි ගතියක් නෑ වගේ. අපි මුලින් scrolls නැති කරගන්න විදිය බලමු. පහල පිංතූරෙ තියෙන ආකාරයට පුළුවන් Full Screen Mode දාගන්න.

01 පියවර

02 පියවර

නැත්තම් (දකුණු අත පැත්තෙ Ctrl + F) ඹබලත් පුළුවන් Full Screen Mode දාන්න හරි ඒකෙන් අයින් වෙන්න හරි. Full Screen Mode දැම්මම මෙන්න මේ වගේ තමයි පේන්නෙ.


මෙතෙන්දි VirtualBox එකේ Host Key කියල හදුන්වන්නෙ දකුණු අත පැත්තෙ Ctrl එක බව මතක තියා ගන්න.
Full Screen Mode වගේම ඹ්ගොල්ලොන්ට Scale mode දාගන්නත් පුළුවන්. ඒ සදහා පියවර ටික තමයි මේ..

01 පියවර

02 පියවර

නැත්තම් (දකුණු අත පැත්තෙ Ctrl + C) ඹබලත් පුළුවන් Scale mode දාන්න හරි ඒකෙන් අයින් වෙන්න හරි.
දැන් ඉතින් Full Screen Mode දාගෙන අපි ඉතුරු ටිකට යමු. එතකොට තමා ගතියක් තියෙන්නෙ, ඹන්න මමත් (Host Key+Ctrl) ගැහුව, දැන් හරි. දැන් අපි Desktop එකේ Wallpaper එක වෙනස් කරමුද..??? මෙන්න මේකයි පියවර, පහත පිංතූර කෑලි ටික බලන්නකො..

මුලින්ම Desktop එකේ Right Click කරන්නකො, එතකොට මෙහෙම එකක් එයි...
දැන් මේකෙන් Change Desktop Background තෝරන්න. එතකොට මේ වගේ එකක් එයි, දැන් මෙතනින් ඹ්නෙ පිංතූරයක් තොරන්න, එච්චරයි....
ඹන්න මමත් තෝරල වෙනස් කළා...

දැන් මෙහෙම අවුලක් තියෙනව, අපි VirtualBox එකේ Ubuntu දාපු නිසා Pen Drive එකක් Machine එකට ගැහුවම ගහපු ගමන් Ubuntu එකට ගන්නෙ නෑ. ඒකටත් පොඩි ගැජමැටික් කෑල්ලක් VirtualBox එකේ තියෙනව, මුලින් Full Screen Mode ඉන්න කට්ටියත්, Scale Mode ඉන්න කට්ටියත් Normal Mode එකට එන්නකො, මම Full Screen Mode ඉන්න නිසා ඹන්න මමත් (Host Key+Ctrl) ගැහුව. දැන් පහත පිංතූර කෑල්ල බලන්නකෝ, මේ ආකාරයට Pen Drive එක උඩ Click කරන්න. එකකොට හරි..
ඊට පස්සෙ මෙන්න මේ වගේ පෙනේවි Pen Drive එක. මම ඹිගොල්ලොන්ට පැහැදිලිව බලාගන්න පසුබිම පොඩ්ඩක් Blur කළා හොදේ.. නැත්තම් මේ ගොල්ලො බලයි අපේ එක Blur උනේ නෑනෙ කියල..

ඹය ටික තමා මම අද කතාකරන්න හිටියෙ. ඉතුරු ටික අපි ඊලග දවසෙ බලමු, එතකන් මේ පිංතූර කෑලි දෙකෙනුත් මොනවහරි තේරෙනවද බලන්නකෝ.



පාන්දර 3.43ත් උනා, අපි ගියා එහෙනම්, ඹන්න ඹක්කොටම කිව්ව එහෙනම් හරි ආ... අද ඇතී..

No comments:

Post a Comment