Monday, February 27, 2012

උබුන්ටු වල ඩොංගල් වැඩ කරන්නේ නැද්ද??-උබුන්ටු 9.10 සමග ඩොංගලයකින් අන්තර්ජාලයට පිවිසෙමු-How to use a dongle in ubuntu 9.10

අද මම ටිකක් විතර පරණ යාළුවෙක්ගේ ලැපකට උබුන්ටු දාන්න බැලුවා 11.10 එහෙම පට්ට ස්ලෝ කිසිම වැඩක් කරගන්න බැරිවෙයි කියලා හිතුනු නිසා අන්තිමට තීරණය කලා 9.10 දාන්න...කොහොමෙන් කොහොමහරි දාගත්තා කියමුකෝ දැන් ඉතින් සන්තෝසෙන් ඩොංගල් එක එහෙම ගහලා ඉවරවෙලා sudo apt-get install කියලා ගහන්න ලෑස්ති පිට හිටියේ.......

ම්හූ...... ඩොංගල් එක ගන්නේ නෑ...

දන්න සෙල්ලම් සේරම දැම්මා ඒත් නෑ......

එතකොට තමයි ගූගල් දෙයියාව සිහිවුනේ...ඉතිං මගේ ලැපට ඩොංගල් එක ගහලා දෙයියව ඇමතුවා.රටේ නැති ගිනි විජ්ජුම්බර කරන්න කියනවා ඒක හදාගන්න.මම ඉතින් හත්පොලේ ගාගන්න කැමති නැති නිසා දන්න හැම ඉංග්‍රීසි අකුරක්ම දාලා හෙව්වා....මෙන්න බොලේ චූට්ටිත්තං පිටුවක් ආවා....මේං ඒ පිටුව http://tech.firdooze.com/2009/11/09/work-around-for-ubuntu-910-karmic-koala-huawei-modem-problem/

මේක දාන්න හේතු වුනේ කිසිම සිංහල බ්ලොග් එකක මේ වැඩේ හරියට කොරන හැටි නොතිබුනු නිසා.තේරුම් ගන්න කට්ටියට අමාරු වෙයි කියලා හිතුනු නිසා මම මේක කරපු විදිය කියන්නම්කෝ.... අහිතක් හිතන්න එපා කොපි කලා කියලා....

තව දෙයක් කියන්න ඕනේ උබුන්ටු  11.04 සහ 11.10 වලදි නම් ඩොංගල් එක ගහපු ගමන් වැඩ 

පියවර 01
ඩොංගල් එක උබුන්ටු 9.10 සහිත පරිගණකයට සම්බන්ධ කරන්න....

පියවර 02
ටර්මිනලය විවෘත කර මේ කේතය යොදන්න
sudo rmmod usb-storage

මේ කෝඩ් එක යෙදුවාම මටත් error මැසේජ් එකක් ආවා එතකොටයි දැක්කේ ඩොංගල් unmount කරන්න ඕනේ කියලා...ඒක ඉතින් right click කරලා කරන්න දන්නවනේ...

පියවර 03
ටර්මිනලයේ මෙම කේතය යොදන්න
lsusb

මේක යෙදුවාම එනවා දැනට භාවිතා වෙන usb පිළිබඳ ලිස්ට් එකක් අන්න ඒකේ පින්තූරයක් මම දක්වන්නම්කෝ....
 ඔයාලට පේනවා ඇති A අකුරින් ඉරි ඇඳලා තියෙන කොටස.අන්න ඒ කොටස පරිස්සමට කොහෙන්හරි ලියාගන්න ඒක තමයි vendor id එක.

B අකුරින් තියෙන කොටස අයිති වෙන්නේ product id එකට.ඒකත් ලියාගන්නකෝ.

දැන් අපි ලෑස්තිවෙන්නේ අපේ ඩොංගල් එක ස්ථාපිත කරගන්න.

පියවර 04
sudo modprobe usbserial vendor=0x12d1 product=0x14ac

ඔන්න ඔය ආකාරයට ටර්මිනලයට විධානය ලබා දුන්නාම ඔයාලට දැකගන්න පුළුවන් කනෙක්ෂන් එක පෙන්වන ස්ථානය ටිකක් දඟලලා කැරකිලා අපිට කනෙක්ෂන් එක ලබාදෙන හැටි.මතක තියාගන්න 0 ඉලක්කම සහ x අකුර යොදලා අර vendor name එක ලබාදෙන්න. මේක හරිගියාට පස්සේ ඉතින් පුරුදු පරිදි තමන්ට අදාල රටයි අදාල සේවාවයි තෝරලා වැඩේට බහින්න.airtel දෙනවනම් අනිවාර්යෙන් my plan is not listed තෝරලා AirtelLive ලබා දෙන්න apn එකට.මේ මහ රෑ මේක දැම්මේ කට්ටියට වැඩක් වෙයි කියලා හිතලා මමත් මගේ ප්‍රශ්නේ යන්තම් ගොඩ දාගත්තා.උඩ දාලා තියෙන ලින්ක් එකෙන් තමයි මම ඉගෙන ගත්තේ.

එහෙනම් තවත් වටිනා දෙයක් අරන් එන්නම්කෝ ඉදිරියෙදි.....

Tuesday, February 7, 2012

මට අමතක වූ Linux ඉතිහාසය



Linux ගැන කථා කරනකොට අපිට ගොඩක් වැදගත් වෙන්නේ එහි commands භාවිතය ඉගෙන ගැනීම.නමුත් Linux නිර්මාණය වුනේ කොහොමද මූලාශ් මොනවද කියලා දැනගන්න එක වැදගත් කියලා මට හිතුනා.මෙතැන් පටන් Linux ඉතිහාසය ඉතා කෙටියෙන් එකතු කරන්නම්.

Linux ඉතිහාසය

Linux නිර්මාණය වෙන්නේ මීට අවුරුදු 20කට කලින් 1991 වර්ෂයේදියි.පසුගිය අවුරුදු 20 කාලය පරිගණක ඉතිහාසයේ අමරණීයම අවධියක් ලෙසයි සැලකෙන්නේ.ඊට හේතුව පරිගණක ක්ෂේත්රයට අදාල බොහොමයක් නව නිපැයුම් බිහිවුණේ මේ කාල පරාසයේදි නිසා.නමුත් පරිගණක ඉතිහාසය පසුගිය වසර 20 ලඝු කරන්න කිසිම හැකියාවක් නෑ.Linux නිර්මාණය සදහා පාදක වූ unix නිර්මාණය වෙන්නේ 1970 වර්ෂයේ මැද භාගයේදී.

Linux නිර්මාතෘ

Linux නිර්මාණය කරන්නේ Linus Torvalds නැමැති ෆින්ලන්ත ජාතිකයෙක් ඔහු වන විට Helsinki විශ්ව විද්යාලයේ ඉගෙනුම ලබමින් සිටි ශිෂ්යයෙක්.ඔහු තමන්ගේ ප්රථම පරිගණකය මිලදී ගන්නේත් මේ අවධියේදීමයි නමුත් ඔහුට මෙහෙයුම් පද්ධතියක් තෝරා ගැනීමේදි ප්රශ්ණයක් පැන නැගුණා.එම කාලයේදි මෙහෙයුම් පද්ධති ලෙස පැවතුනේ විවිධ Dos හි සංස්කරණ කිහිපයකුත්,ඉතාමත් මිල අධික unix සහ අඩු මිලකට පැවතුණු minix නම් පිටපත් පමණයි.අවසානයේදී torvalds තීරණය කරන්නේ minix තෝරාගැනීමටයි.

පහත රූප පෙළින් ඔබට කාලයේ පැවති මෙහෙයුම් පද්ධතියක ස්වාභාවය දැකගැනීමට පුළුවන්

Minix මත වැඩ කරන විට ගන්නා ලද රූපයක්

Minix යනු කුමක්ද


Minix යනු ප්රසිද්ධ Unix මෙහෙයුම් පද්ධතියේ ක්ලෝනයක් ලෙසයි සැලකෙන්නේ.මේ අවධියේදී Unix භාවිතා වූයේ විශාල ව්යාපාරික කටයුතු සදහා සහ විශ්ව විද්යාලවල පරිහරණය සදහා පමණයි එයට හේතුවක් වූයේ එය මිලෙන් අධික වීම.සාමාන් පුද්ගලයින් මෙය භාවිතා කලේ ඉතාමත්ම සුළු වශයෙන්.

Minix මෙහෙයුම් පද්ධතිය Andrew S. Tanenbaum නැමැති පරිගණක මහාචාර්යවරයා නිපදවන ලද්දක්.ඔහු එම පද්ධතිය නිර්මාණය කරන්නේ තම සිසුන්ට මෙහෙයුම් පද්ධතියක කාර්යය භාරය පැහැදිලි කිරීම සදහා.එම නිසා එහි කේත සටහන් පවා වන විට නිකුත් වී තිබුණා.

නමුත් Torvalds හට Minix සම්බන්ධවත් ගැටළු රාශියක් පැණ නැගී තිබුණෘ.එහි තිබූ තාක්ෂණික දුර්වලතා හේතුකොටගෙන ඔහුට නව මෙහෙයුම් පද්ධතියක අවශ්යතාවයක් තදින්ම දැනුනා.Unix පාදක කොටගෙනම නව මෙහෙයුම් පද්ධතියක් නිපදවීමට ඔහු තුල ඇතිවූ පෙළඹවවීම තමයි Linux බිහිවීමට ඉවහල් වුණේ නමුත් ඔහු ප්රථමයෙන්ම ඔහුගේ මෙහෙයුම් පද්ධතියට ලබා දුන්නේ freax නාමය.එහි නාමය Linux ලෙස ස්ථාවර වූයේ ඔහුගේ මිතුරෙකු වන Ari Lemmke දුන් Linux නාමය වේගයෙන් ජනප්රිය වූවාට පසුවයි.Torvalds ගේ මුල් නම වන Linus හි S ඉවත් කොට Unix හි පිටපත් සෑම එකකටම පාහේ යොදන X යොදා Linux නාමය ලබාදුන්නේ ඔහු විසින්.

Linux බිහිවීම

Torvalds හට තම විශ්ව විද්යාලයට යෑමට සිදුවී තිබුණේ පා ගමනින්.සීත සමයේදි විශ්ව විද්යාලයට පා ගමනින් ගොස් එහි තිබූ ප්රබල මධ් පරිගණකය භාවිතා කිරීම ඔහුට තරමක් කටුක අත්දැකීමක් වූවා. නිසා ඔහුට සිතුවිල්ලක් පහල වූවේ නිවසේ සිටම විශ්ව විද්යාලයේ මධ් පරිගණකයට සම්බන්ධ වීමටයි ඔස්සේ ඔහු සකසාගත් වැඩසටහන සාර්ථක වුණා.අවසානයේදී Torvalds වටහා ගත්තා තමන් මෙහෙයුම් පද්ධතියක kernel එකක් ලියා ඇති බව.


Linux ගමන

Torvalds තම නිර්මාණය අවසන් කිරීමෙන් පසුව සෑම කෙනෙක්ටම කේත වෙනස් කර නැවත බෙදා හැරිය හැකි වන ලෙස ඉඩ සැලස්වූවා.විශ්මයජනක ලෙස ලොව පුරා ක්රම ලේඛකයන් ඔහු වටා රොක්වුණෘ අඩු පාඩු සකසමින් නැවත Torvalds වෙත ලබා දුන්නා ඇදහිය නොහැකි ආකාරයට ඉතා සීඝ්රෙයන් මෙහෙයුම් පද්ධතිය ජනප්රිය වීමට ගත් අතර අද වන තුරු එහි වේගය අඩාල වූ බවක් නම් පෙනෙන්න නෑ

ප/ලි

ගොඩක් කාලෙකින් ලියන්න බැරිවුනා ඉතිං අපේ වැඩයි අනික් බ්ලොග් වල වැඩයි එක්ක.දන්නවා ඇතිනේ දැන්  මේ බ්ලොග් ලියන්නේ ගැමියාගේ පත් ඉරුව සහ මණ්ඩිපාල විසින්.මෙච්චර කාලයක් ඉතිහාසය ගැන ලියන්න බැරිවුනු නිසා ඕං ඒකත් ලිව්වා.මූලාශ්‍ර ගත්තේ  ebooksclub.org__Beginning_Ubuntu_Linux__Third_Edition__Beginning_from_Novice_to_Professional_
පොතින්....

මීලඟ ලිපිය බොහෝම ඉක්මන්ට ලියන්න බලාපොරොත්තු වෙනවා උබුන්ටු මත මෘදුකාංග ස්ථාපනය කල හැකි කෙටි ක්‍රම පිළිබඳව....මීට කලින් ලිපියක වුනු පොරොන්දුවත් ඉක්මනින්ම ඉෂ්ඨ කරන්නත් බලාපොරොත්තු වෙනවා....(වැරදි ඇත්නම් පෙන්වන්න හොඳේ)

උඩම තියෙන පින්තූරේ මාතෘකාවට අදාල නැතත් ඒ තරමට උබුන්ටු රැගෙන එන විදිය හැකි උපරිමයෙන් හැමෝටම කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා

Monday, December 12, 2011

Dos commands වලට සමාන වැදගත් shell commands

අද ලිපිය බොහෝම කෙටියෙන් ලියන්නයි හිතුවේ මේ දවස්වල හෙනට වැස්ස නිසා ඒත් වැස්ස කියලා post එකක් නොදා ඉන්න බෑනේ.

අද කලන කියලා අපේ ඉස්කෝලේ මල්ලි කෙනෙක් මගෙන් ඇහුවා Dos commands හා linux shell commands සමානද කියලා ඉතින් ඒකට උත්තරයක් විදියට තමයි මේ ලිපිය ලියැවෙන්නේ මට හිතුනා ගොඩක් දෙනෙක්ටත් මේක වැදගත් වෙයි කියලා.මම දන්න commands තිබුණත් dos හා linux සංසන්දනය කරන්න තරම් මතකයක් මගෙ ගාව නොතිබුණු නිසා මම අන්තර්ජාලයේ මීට කාලෙකට කලින් සැරිසරද්දි හම්බුනු photo එකක් දාන්නයි හිතුවේ.



මේ පින්තූරේ මට ගොඩක් ප්‍රයෝජන වුණා ඔයාලටත් එහෙම්ම වෙයි කියලා මම විස්වාස කරනවා.මේ commands එකින් එක ගැන ඉදිරි ලිපි වලින් කට්ටියව දැනුවත් කරන්නම්.අකුණකට අළු වෙන්න කලින් මම මේක දාලා යනවා හොදේ.පස්සේ හම්බුවෙමුකෝ

***මට මේක උපුටා ගත්තු තැන මතක නෑ මේක කාගේ හරි බ්ලොග් එකක පින්තූරයක් නම් සමාවෙලා මට කියන්න මම ඒක සදහන් කරන්නම්

***I know this photo belong to someone else but i don't know the owner so im sorry if this photo is yours please let me know.I have no choice so i publish this.

Thursday, December 8, 2011

Linux උඩ සිංහලෙන් කොටමුද.....???

ගොඩ කාලෙකින් මුකුත්ම ලියන්න බැරි උනානේ මේ දවස් ටිකේම මමයි මගෙ යාළුවයි අපේ ඉස්කෝලෙට linux මෙහෙයුම් පද්ධතියක් සංස්කරණය කර කර හිටියේ ඒ නිසා බ්ලොග් එක පැත්තටවත් එන්න බැරි වුණා මේකෙ මකුළු දැල් හිටන් බැදලානේ මේ සතියට දෙකට.

දැන් ඉතින් කස්ටිය බලනවා ඇති අපි මේ මොකක්ද කරේ කියලා ඒක ඉතින් දැන්ම පෙන්නන්න බෑ ඒ උනාට ඒක මොනවගේද කියලා අදහසක් දෙන්නම්කෝ.100%  වැඩේ ඉවර උනාම ඒ ගැන විස්තරත් දාන්නම්කෝ හැමෝටම බලන්න

ඔයාලට සමහර විට දකින්න ලැබිලා ඇති සම්පූර්ණයෙන් අපේ රටේ කට්ටියට වැඩ කරන්න පුළුවන් වෙන විදියට අපේ විශ්ව විද්‍යාල අයියලා එහෙම linux සංස්කරණ නැවත සකසලා දෙන හැටි ඉතින් එහෙම වැඩක් තමයි අපිත් කලේ.ඒ වගේ දෙයක් දැකලා නැති අය ඉන්නවනම් ඕං මෙතනින් බලාගන්නකෝ

දැන් බහිමු කාරණාවට

මොකක්ද ඊළගට කරන්නේ අපි vlc දාලා සිංදුත් ඇහුවනේ ඒ නිසා සිංහල install කරලා ගේමක් නැතිව ලිනක්ස් උඩ සිංහලෙන් කොටමුකෝ.මේකෙන් අපිට ලිනක්ස් වල මෘදුකාංගයක් install කරන තවත් ක්‍රමයකුත් ඉගෙනගන්න පුළුවන් වේවි

අපි මේක කරන්න යන්නේ අන්තර්ජාල සබදතාව ඇතිවයි ඒ නිසා අපිට අවශ්‍ය කේතය මෙතනින් ගිහින් ගන්න පුළුවන්.මම ඉතින් ubuntu භාවිතා කරන නිසා මම ගන්නේ ඊට අදාළ ගොනුවයි.ඊට පස්සේ terminal එක open කරගෙන මේ කේතය copy කරගෙන terminal එකේ paste කරලා වැඩේ පටන් ගන්න පුළුවන්

sudo apt-get install ttf-sinhala-lklug ibus im-switch ibus-m17n-db m17n-contrib language-pack-si-base

මේ පින්තූර ටික බලාගෙන කරගෙන යන්නකෝ



install කරලා ඉවර උනාම terninal එක close කරලා Dash Home එකට ගිහින් මේ විදියට ibus කියලා search කරලා programme එක run කරගන්න


මේක run කරත්තාම අපිට උඩ panel එකේ keyboard එකක් වගේ icon එකක් පෙනෙයි පහල තියෙන රූපේ විදියට ඊට පස්සේ ඒක click කරලා ඒකේ preference තෝරගන්න 


ඊට පස්සේ පහල රූප පෙළ බලලා setting ටික හදාගන්න



keyboard layout එක තෝරගත්තාට පස්සේ අපිට සිංහල font එක install කරගන්න වෙනවා අපි ඒකට තෝරගන්නෙ iskoola pota කියන font එක.ඒක අපිට ලේසියෙන්ම මේ විදියට කරගන්න පුළුවන්



ඊළගට අපිට ibus මෘදුකාංගයට ගිහින් custom font එක වෙනුවට අපි ඉහත install කරපු font එක තෝරගන්න පුළුවන් මේ විදියට



දැන් ඉතින් වැඩේ ගොඩ.ඔන්න බලන්නකෝ සිංහලෙන් කෙටුවාම තියෙන ලස්සන


ඕං එහෙනන් ඒකත් හරි ඈ......
අදට ඇති ඈ.......



Thursday, December 1, 2011

සමනලයාගේ Linux පිටුව කියවපු හැමෝම වෙනුවෙන් මේක ලියන්නෙ හොදේ..

මමයි මගේ යාලුවයි එකතුවෙලා සමනලයාගේ Linux පිටුව ලියන්න අරන් තාම සති 2යි. මේ සති 2ට බ්ලොග් එක පැත්තෙ ආව ගිය, කියවපු අය බොහෝමයි. අළුත් හිට් කවුන්ටරයක් මේ ලගදි දාපු නිසා ඒකෙ තියෙන්නෙ පහුගිය දවස් 2,3 ඇතුලත ආව ගිය, කියවපු අය විතරයි. ඒක නිසා අපේ කට්ටියට බලාගන්නත් එක්ක බ්ලොගර් සංඛ්‍යාන වාර්තාව මම දැම්ම, පහල තියෙන්නෙ ඒක...


ඉතින් මම කියන්නෙ මේකයි, මේකට ආව ගිය, කියවපු අය මේකෙන් දැනුමක් ගත්ත නම් තමයි සතුටු. සමහරුන්ට මෙතෙක් කල් ලියපුවයින් ඒ හැටි වැඩක් නැද්ද දන්නෑ, ඒත් අපි හැමෝ ගැනම හිතල තමයි බිංදුවෙ ඉදන් පටන් ගත්තෙ. ඉස්සරහට හොද හොද වැඩ ටිකක් බලමුකො අපි. මේ පැත්තෙ ආව ගිය, කියවපු වෙලාවට පොඩි වචන දෙක තුනක කොමෙන්ට් කෑල්ලක් දාල ගියාට කවුරුවත් අමනාප වෙන එකක් නෑ මයෙ හිතේ. හෙට අනිද්ද හොද පෝස්ට් කෑල්ලක් දාන්න තමා හිතාගෙන ඉන්නෙ, නානාප්‍රකාර වැඩ නිසයි ටිකක් පරක්කු උනේ. එහෙනම් බොහෝමත්ම ස්තූති ඈ.. අපි ගියා එහෙනම්, ඹන්න ඹක්කොටම කිව්ව එහෙනම් හරි ආ... අද ඇතී..

Saturday, November 26, 2011

දෙයියනේ කියලා සිංදුවක් අහමුද???

ඊළගට post කරන්නේ මොනාද කියලා කැරකි කැරකි කල්පනා කර කර හිටියේ

ම්හූ.......

කිසිම අදහසක් ආවේ නෑ ඉතින් ආයේ මුල ඉදලා කියෙව්වාමයි බොලේ දැක්කේ තාම audio codecs දැම්මේ නෑනේ ඉතින් කොහෙද සිංදු අහන්නේ.මම ඉතින් බැලුවා කොහොමද මේවා කරන්නේ කියලා මම නම් එකින් එක codecs දාලා තමයි totem player එකේ සිංදු ඇහුවේ හැබැයි vlc එක ඊට වඩා ගති කියලා තේරුණේ පස්සේ මේක ඔක්කොටම වඩා ලේසි ක්‍රමයක්.

මම දැනටමත් vlc install කරලා තියෙන නිසා ආයේ install කරන්න යන්නේ නෑ හැබැයි මම install කරන පිළිවෙල දානවා මේකට terminal codes ගහන්න දේකුත් නෑ හෙන ලේසි try කරලා බලන්නකෝ.....මුලින්ම මෙතන click කොරලා අවශ්‍ය file එක බාගන්නකෝ


ඒක බාගත්තාම මෙන්න මේ වගේ එකක් එයි



මේ උඩ රූපේ රතු පාටින් කොටු කරලා තියෙන්නේ අපි බාගත්තු file එක දැන් කස්ටිය බලනවා ඇති මේ මොකක්ද බොලේ .deb කියන්නේ කියලා මේක තමයි linux වල භාවිතා වෙන extention එක.හරියට windows වල .exe වගේ තමයි.වම් අත පැත්තේ තියෙන Panel එකේ පේනවා ඇති select වෙලා තියෙන්නේ Downloads කියලා tab එකක්.අන්න එතන තමයි අපි බාන ඒවා හිටින්නේ.

අපි ඊලගට මේක ඉන්ස්ටෝල් කොරන්න ඕන ඒත් කොහොමද????
මම දාන ඊළග පින්තූරේ තියෙනවා ඊළට කරන්න ඕන දේ බලන්නකෝ



දැන් මේ උඩ පින්තූරේ තියෙන්නේ අර file එක උඩ right click කරපුවාම එන menu එක.දැන් අපිට මේක install කරගන්න රතු පාටින් කොටු කරලා තියෙන එක click කරන්න ඕන “open with other application” කියලයි ඇත්තේ. දැන් ඕක එබුවාම පල්ලෙහා තියෙන පින්තූරේ වගේ එකක් එනවා.



දැන් ඉතින් හරි.දැන් මේ තියෙන එක Select කරපුවාම අපිට software center එක විවෘත වෙනවා පෙනෙයි පහත ආකාරයට ඊට පස්සේ ඉතින් install කියන එක click කරන්න පුරුදු විදියටම.කොහොමත් ඉතින් අපි පුරුදු වෙලා ඉන්නේ install කියලා දැක්ක තැන උඩ පැනලා කොටන්නනේ.






කස්ටිය බයවෙන්න එපා මොකක්ද මේ නිල් පාට කොටුවෙන් පේන්නේ කියලා මම දැනටමත් vlc install කරලා තියෙන නිසයි එහෙම වුණේ ඔයාලා මුලින්ම මේක කරනවනම් මෙහෙම දෙයක් එන්නේ නෑ

රතු පාට කොටුව click කරලා මේක install කරගන්න පුළුවන්.ඊට පස්සේ install කියන බොත්තම වෙනුවට අපිට remove කියලා එකක් පෙනෙයි.දැන් අපි install කරගත්ත vlc player එක වැඩ කරවගන්න,පහල තියෙන අන්තිම පින්තූරේ විදියටයි යන්න ඕනේ පසුගිය පාඩමේදි මම මේක ඔයාලට කිව්වා මතක ඇතිනේ


දැන් ඉතින් දෙයියනේ කියලා සිංදුවක් අහගෙන ඉන්න පුළුවන් මම මේ දීපු vlc එකේ අවුලක් තියෙනවා නම් කියන්න මට නම් තාම අවුලක් ආවේ නෑ.එහෙනම් ඔන්න අදට ඇති ඈ....

ප.ලි

මේවා බලලා comment දැම්මට කවුරුත් අහිතක් හිතන්නේ නෑ හොදේ

Ubuntu වල Desktop එක ගැන තව පොඩී වචනයක්..

ඊයෙ ලිපිය ලිව්වට පස්සෙ Ubuntu වල Desktop එක ගැන තව පොඩී වචනයක් කියන්න හිතුන. සමහරු මේක උත්සහ කරලත් ඇති, කමක් නෑ අපි හැමෝටම දැන ගන්න දාමුකෝ. මෙන්න මේකයි කතාව, මුලින් පහල පිංතූර කෑල්ල බලන්නකො.


කෙලින්ම කිවිවොත් ඹන්න ඹ්කයි කතන්දරේ. මට හිතුන මෙන්න මේ අංක දාපුව මොනවද කියල පොඩ්ඩක් කියන්න. අපි එහෙනම් එකින් එක අරන් බලමු.
මුලින්ම අංක 01 - මේක උඩ ක්ලික් කලාම මෙන්න මේ පිංතූර කෑල්ලෙ තියෙන විදියෙ එකක් එනව, බලන්නකෝ.


මෙතන අපිට open කරගන්න අවශ්‍ය software එකේ නම type කලාම ලේසියෙන් හොයාගන්න පුළුවන්.

දැන් අංක 02 - මේක හරියට Windows වල My Computer වගේ. ඹයාල මේක Click කරලම බලන්නකෝ. අංක 03, 04, 05, 06 ගැන මම එක හුස්මට කියාගෙන යන්නම්, අංක 03 නම් Windows පාවිච්චි කරන අයටත් හොදට හුරු පුරුදුයි, මේක firefox web browser එක. අංක 04 තමයි LibreOffice writer, මේක Windows වල Ms Word වගේ. Ms Word එකෙන් කරන වැඩම තමයි මේකෙන් කරන්නෙ කියල දැනට ඹලුවෙ තියාගන්න, ඊට වැඩිය යමක් තියෙනවද කියල අපි පස්සෙ බලමු. අංක 05 LIbreOffice Calc, මේක Windows වල Ms Excel වගේ. අංක 06 LIbreOffice Impress, මේක Windows වල Ms Powerpoint වගේ. එතකොට අංක 07න් පුළුවන් Ubuntu වලට අවශ්‍ය Softwares එහෙම Download කරගන්න. අංක 08 කියන්නෙ තමන්ගේ Files Upload කරල තියන්න පුළුවන් තැනක්. ඹයාලගේ මොනව හරි වැදගත් දෙයක් Backup කරන්න ඹ්නෙ නම් Backup එක මෙතෙන්ට Upload කරල තියන්න පුළුවන්. අංක 09 තමයි System settings, මෙක Windows වල Control panel එක වගේ. අංක 10ට අපි කියන්නෙ Workspace කියල, අපිට Ubuntu වල Desktop 4ක් ලැබෙනව. මේකෙන් පුළුවන් අපිට Desktop එකෙන් Desktop එකට මාරු වෙන්න, මේක උඩ Click කලාම පහල පිංතූර කෑල්ල වගේ එකක් එයි. බලන්නකො ආවද කියල..


දැන් මේ මම නම් කරල තියෙන්නෙ අපේ Desktop 4 තමයි. මේ එකක් උඩ Click කලාම ටිකක් ලොකුවෙලා පෙනේවි, ආයෙ Click කලාම Full Screen වැටේවි. දැන් ඉන්නෙ මේ Click කරපු Desktop එකේ. ඹ්න්නම් Desktop 4ට Programmes 4ක් දාගෙන වැඩ කරන්න පුළුවන්, ඉතින් ඒකටකෙ Desktop 4ක් දීල තියෙන්නෙ, නැතුව කොටු පනින්නයැ නේද. මමත් ඹන්න Desktop 4ට Programmes 4ක් දාගත්ත බලන්න, පහල පිංතූර කෑල්ලෙ තියෙන්නෙ ඒක තමා.


අංක 11න් පේන්නෙ මම Machine එකට ගහපු Pen Drive එකක්, මම කලින් ලිපියෙන් VirtualBox එකේ Ubuntu දාපුවම Pen Drive එකක් Machine එකට ගැහුවම ඒක Ubuntu වලට ගන්න හැටි කියල දුන්න මේ ගොල්ලොන්ට මතක ඇති මයෙ හිතේ. අංක 12ට කියන්නෙ Trash කියල, මේක හරියට Windows වල Recyclebin එක වගේ, වගේ කිව්වට ඒකම තමා. අංක 13 දකුණු අත පැත්තෙ කෙලවරේම තියෙන දැති රෝදයක් වගේ Icon එක උඩ Click කරල පුළුවන් Machine එක Shutdown කරන්න. අනිත් ඒවයින් පුළුවන් වෙලාව හදන්න, Sounds හදන්න, එතකොට Network Connection එක බලන්න ඒ වගේ වැඩ ටිකක්. අංක 13 හරියට Windows වල System Tray එක වගේ. System Tray කිව්වම තේරෙනව හොරයිද මන්ද, ඹන්න මම Windows වල System Tray එකේ පිංතූර කෑල්ලකුත් දැම්ම, බලන්නකො එහෙනම්.


එහෙනම් ඹන්න ඹ්ක තමයි අද කතන්දරේ, නැගිට්ට ගමන් මේක ලියන්න ගත්ත තාම උදේට කෑවෙත් නෑ, බඩත්ගිනි හොදටම, කෑම කන්න යන්නත් ඹ්නෙ. අපි ගියා එහෙනම්, ඹන්න ඹක්කොටම කිව්ව එහෙනම් හරි ආ... අද ඇතී..