Monday, February 27, 2012

උබුන්ටු වල ඩොංගල් වැඩ කරන්නේ නැද්ද??-උබුන්ටු 9.10 සමග ඩොංගලයකින් අන්තර්ජාලයට පිවිසෙමු-How to use a dongle in ubuntu 9.10

අද මම ටිකක් විතර පරණ යාළුවෙක්ගේ ලැපකට උබුන්ටු දාන්න බැලුවා 11.10 එහෙම පට්ට ස්ලෝ කිසිම වැඩක් කරගන්න බැරිවෙයි කියලා හිතුනු නිසා අන්තිමට තීරණය කලා 9.10 දාන්න...කොහොමෙන් කොහොමහරි දාගත්තා කියමුකෝ දැන් ඉතින් සන්තෝසෙන් ඩොංගල් එක එහෙම ගහලා ඉවරවෙලා sudo apt-get install කියලා ගහන්න ලෑස්ති පිට හිටියේ.......

ම්හූ...... ඩොංගල් එක ගන්නේ නෑ...

දන්න සෙල්ලම් සේරම දැම්මා ඒත් නෑ......

එතකොට තමයි ගූගල් දෙයියාව සිහිවුනේ...ඉතිං මගේ ලැපට ඩොංගල් එක ගහලා දෙයියව ඇමතුවා.රටේ නැති ගිනි විජ්ජුම්බර කරන්න කියනවා ඒක හදාගන්න.මම ඉතින් හත්පොලේ ගාගන්න කැමති නැති නිසා දන්න හැම ඉංග්‍රීසි අකුරක්ම දාලා හෙව්වා....මෙන්න බොලේ චූට්ටිත්තං පිටුවක් ආවා....මේං ඒ පිටුව http://tech.firdooze.com/2009/11/09/work-around-for-ubuntu-910-karmic-koala-huawei-modem-problem/

මේක දාන්න හේතු වුනේ කිසිම සිංහල බ්ලොග් එකක මේ වැඩේ හරියට කොරන හැටි නොතිබුනු නිසා.තේරුම් ගන්න කට්ටියට අමාරු වෙයි කියලා හිතුනු නිසා මම මේක කරපු විදිය කියන්නම්කෝ.... අහිතක් හිතන්න එපා කොපි කලා කියලා....

තව දෙයක් කියන්න ඕනේ උබුන්ටු  11.04 සහ 11.10 වලදි නම් ඩොංගල් එක ගහපු ගමන් වැඩ 

පියවර 01
ඩොංගල් එක උබුන්ටු 9.10 සහිත පරිගණකයට සම්බන්ධ කරන්න....

පියවර 02
ටර්මිනලය විවෘත කර මේ කේතය යොදන්න
sudo rmmod usb-storage

මේ කෝඩ් එක යෙදුවාම මටත් error මැසේජ් එකක් ආවා එතකොටයි දැක්කේ ඩොංගල් unmount කරන්න ඕනේ කියලා...ඒක ඉතින් right click කරලා කරන්න දන්නවනේ...

පියවර 03
ටර්මිනලයේ මෙම කේතය යොදන්න
lsusb

මේක යෙදුවාම එනවා දැනට භාවිතා වෙන usb පිළිබඳ ලිස්ට් එකක් අන්න ඒකේ පින්තූරයක් මම දක්වන්නම්කෝ....
 ඔයාලට පේනවා ඇති A අකුරින් ඉරි ඇඳලා තියෙන කොටස.අන්න ඒ කොටස පරිස්සමට කොහෙන්හරි ලියාගන්න ඒක තමයි vendor id එක.

B අකුරින් තියෙන කොටස අයිති වෙන්නේ product id එකට.ඒකත් ලියාගන්නකෝ.

දැන් අපි ලෑස්තිවෙන්නේ අපේ ඩොංගල් එක ස්ථාපිත කරගන්න.

පියවර 04
sudo modprobe usbserial vendor=0x12d1 product=0x14ac

ඔන්න ඔය ආකාරයට ටර්මිනලයට විධානය ලබා දුන්නාම ඔයාලට දැකගන්න පුළුවන් කනෙක්ෂන් එක පෙන්වන ස්ථානය ටිකක් දඟලලා කැරකිලා අපිට කනෙක්ෂන් එක ලබාදෙන හැටි.මතක තියාගන්න 0 ඉලක්කම සහ x අකුර යොදලා අර vendor name එක ලබාදෙන්න. මේක හරිගියාට පස්සේ ඉතින් පුරුදු පරිදි තමන්ට අදාල රටයි අදාල සේවාවයි තෝරලා වැඩේට බහින්න.airtel දෙනවනම් අනිවාර්යෙන් my plan is not listed තෝරලා AirtelLive ලබා දෙන්න apn එකට.මේ මහ රෑ මේක දැම්මේ කට්ටියට වැඩක් වෙයි කියලා හිතලා මමත් මගේ ප්‍රශ්නේ යන්තම් ගොඩ දාගත්තා.උඩ දාලා තියෙන ලින්ක් එකෙන් තමයි මම ඉගෙන ගත්තේ.

එහෙනම් තවත් වටිනා දෙයක් අරන් එන්නම්කෝ ඉදිරියෙදි.....

5 comments:

  1. තැන්කූ කිව්වා...

    ReplyDelete
  2. මගෙ ප්‍රෝලින්ක් මොඩම් එකක් තියෙනවා..(SLT කනෙක්ශන් එකක් සහිතව)මම උබුන්ටු වලට මාරු උනේ නැත්තෙ ඒක වැඩ කරන්නෙ නැති නිසා උබුන්ටු වලට...මේ ක්‍රමේ ඩොන්ගල් වලට වගේම ඒකටත් හරි යයි ද??

    ReplyDelete
    Replies
    1. මම නම් අයියේ මොඩම් පාවිච්චි කරලම නෑ කෝකටත් වින්ඩෝස් තියාගෙන එක පාටිෂන් එකකට උබුන්ටු දාලා බලන්නකෝ....මගේ යාළුවෙක්නම් උබුන්ටු 11.10 දාගෙන අන්තර්ජාලයට සම්බන්ධ වුනා මම හිතන්නේ බොහෝ දුරට ඒක ප්‍රශ්නයක් වෙන එකක් නෑ....

      Delete
    2. හෆෝයි අයියේ කියන්න එපා අයියේ :(

      Delete