Monday, November 21, 2011

Virtual Box එකේ Virtual Machine එකට Ubuntu Install කරමු

“ඊලග දවසෙ අපි ඒකට Linux OS එකක් දාමු. ප්රශ්න ආවොත් අපේ page එකට post කරන්න, ඒක අනිත් අයටත් වැදගත් වෙයි. එහෙනම් අදට ඇති..!!!

මේ post එක ඔයාලට මතක ඇති.ඔන්න ඒ පොරොන්දුව ඉටු කරන්න කාලේ හරි virtual box නැති අයට ඒක හොයාගෙන install කරලා ලෑස්ති පිට ඉන්නයි අපි ටිකක් කල් දුන්නේ.සමහරු කල්පනා කරනවා ඇති මේවනම් මොනවද අපිට ඕනේ Shell programming ඉගෙන ගන්න කියලා.ඒ වුනත් අපි මේ ගමන යන්නේ මේ ගැන මුකුත්ම නොදන්න බහුතරයක් පිරිසට අත දෙන්න බලාගෙන ඒ නිසා අනික් ඈයො ඩින්ගක් ඉවසුවා නම් තමයි හොද.

ඕන්න එහෙනම් අපි වැඩට බහින්නයි ලෑස්තිය virtual box එක open කරගෙන අපි කලින් දවසක හදා ගත්තු ubuntu virtual machine එක විවෘත කරගන්නකෝ.අපිට මුලින්ම අවශ්‍ය කරනවා ubuntu cd එකක්.ඉස්සර නම් නොමිලේ ගෙදරටම එව්වා හැබැයි දැන්නම් එවන්නේ නෑ ඒ උනාට අපිට free download කරගන්න පුළුවන් මෙන්න මේ ලිපිනයෙන්.


අපි මේ download කරගන්න file එක iso file එකක් නිසා අපිට alchohol හෝ වෙනත් එවැනි මෘදුකාංගයක් භාවිතයෙන් මෙය mount කරගෙන virtual box හරහා ස්ථාපනය කරගත හැකියි.නමුත් කෙලින්ම hard drive එකට ස්ථාපිත කරගන්නවා නම් අපිට mount කරලා ඒ වැඩේ කරන්න අමාරුයි

දැන් අපි file එක download කරගෙන ඒක mount කරලා install කරන්නයි යන්නේ.virtual box එක විවෘත කරපුවාම අපිට මෙවැනි දෙයක් තමයි දකින්නට ලැබෙන්නේ.


මේක Double click කරලා Open කරගත්තට පස්සේ එන dialog box වලට “ok” හා “next” click කරන්න මොකද ඒවාගෙන් වැඩි ප්‍රයෝජනයක් වෙන්නේ නෑ.නමුත් අපිට “host drve” එක තෝරන්න කියලා පණිවිඩයක් ලැබුනෝතින් ටිකක් විමසිලිවත්ව virtual cd drive එකේ path එක ලබා දෙන්න.අවසානයේදි සාමාන්‍ය පරිගණකයක් මෙන් Ubuntu boot වී මෙවැනි දෙයක් අපිට දැකගන්නට ලැබේවි.














මෙහි අංක 1 න් දැක්වෙන try ubutnu මගින් ඔබට මෙය install නොකර මෙහි ක්‍රියාකාරිත්වය අත්විදිය හැකියි
මම දැන් සූදානම් ‍ෙවන්නේ මේක  install කරගැනීමට නිසා අංක 2 තුළින් මම මේ වෙලාවේ යනවා

මෙතැන් පටන් ඔබට මෙම රූප පෙළ අධ්‍යනය කර install කිරීම කරගත හැකියි.හැමෝටම ලේසි වෙන්න මම රතු පාටින් click කල යුතු තැන් සදහන් කරලා ඇත්තේ

මෙහි අන්තර්ජාලය තුලින්ම update රැගෙන install වෙන්න දුන්නොත් කරදරයි ඒ නිසා hard drive එකේ අවශ්‍ය ඉඩ ප්‍රමාණය ඇතැයි ඉදිරිපිට පමණක් හරි ලකුණ කිබීම ප්‍රමාණවත්







 ඔන්න ඉතින් වැඩේ හරි දැන් තියෙන්නේ මේ කියන විදියට restart කරලා cd එක eject කරන්න.සුපිරි linux ලොවේ අසිරියට ඔබව සාදරයෙන් පිළිගන්නවා





ubuntu install කරායින් පසුව එහි පෙනුම මෙන්න මේ විදියයි.
අපිට පුරුදු මෘදුකාංග වෙනුවට ubuntu තුල එන්නේ මෙන්න මේවයි
ms word-libre office writer
ms excel-libre office calc
ms power point-libre office impress

පහතින් දැක්වෙන්නේ ස්ථාපනය කල පසු ubuntu හි ඇතුලත පෙනුමයි







මම ඊලගට දාන පින්තූරේ ගොඩක් වැදගත් පහතින් දැක්වෙන්නේ ඒ රූපය.මෙහි දැක්වෙන්නේ ubuntu හි terminal එක.software install කිරීමේදි විතරක් නෙමෙයි shell programming වලට මෙය ඉතාමත් වැදගත්.අදට ඇති එහෙනම්.



මීළග post එක තුළින් කට්ටියට ubutnu වලට updates ගන්න හැටි කියලා දෙන්නම්.තාම ubuntu දැම්මා විතරයිනේ ටිකක් අත පත ගාලා බලන්න නැත්තම් ගතියක් නෑ.තාම මේකෙ සිංදුවක් අහන්නවත් බෑ.ඒවා කරගන්න හැටි ළගදීම ඊළග post එකෙන් දෙන්නම්.

2 comments:

  1. මට දාගන්න ඕන හන්තාන ලිනක්ස් කියන එක ..
    මේකයි හන්තානයි එකක්ද නැතිනම් දෙකෙහි වෙනස්කම් තියෙනවද ..?
    මට හන්තාන ලිනක්ස් ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකක් දානවද ... කරුණාකරල.
    [මට ඕන කරන්නෙ වින්ඩොස් සම්පූර්ණයෙන්ම අයින් කරල හන්තාන දා ගන්න]

    ReplyDelete
  2. හන්තාන ලිනක්ස් කියන්නේ ෆෙඩෝරා එක යොදාගෙන නිපදවපු මෙහෙයුම් පද්ධතියක්.ලිනක්ස් භාවිත කරද්දි අන්තර්ජාල සබඳතාව ඉතා වැදගත් ඒත් අන්තර්ජාල සබඳතාව නැති කට්ටියට පාසල් ලමයින්ට උදව් වෙන්න තමයි ඒක නිර්මාණය කරලා තියෙන්නේ.මේ ලඟදි ඒකේ අළුත්ම සංස්කරණය ආවා.පොඩි පොඩි වෙනස්කම් නැතුවාම නෙමෙයි ඒත් සමස්ථයක් විදියට ගත්තාම පෙනුම සෑහෙන්න සමානයි.

    මෙන්න මෙතනින් හන්තාන ලිනක්ස් බාගත්තැකි http://www.hanthana.org/download.php#hanthana15.5

    මේක නිපදවපු ඩනිෂ්ක අයියගේ බ්ලොග් එකෙන් ඔයාට වැඩි විස්තර ගන්න පුළුවන් වෙයි.
    http://danishkanavin.blogspot.com

    ReplyDelete