Thursday, December 8, 2011

Linux උඩ සිංහලෙන් කොටමුද.....???

ගොඩ කාලෙකින් මුකුත්ම ලියන්න බැරි උනානේ මේ දවස් ටිකේම මමයි මගෙ යාළුවයි අපේ ඉස්කෝලෙට linux මෙහෙයුම් පද්ධතියක් සංස්කරණය කර කර හිටියේ ඒ නිසා බ්ලොග් එක පැත්තටවත් එන්න බැරි වුණා මේකෙ මකුළු දැල් හිටන් බැදලානේ මේ සතියට දෙකට.

දැන් ඉතින් කස්ටිය බලනවා ඇති අපි මේ මොකක්ද කරේ කියලා ඒක ඉතින් දැන්ම පෙන්නන්න බෑ ඒ උනාට ඒක මොනවගේද කියලා අදහසක් දෙන්නම්කෝ.100%  වැඩේ ඉවර උනාම ඒ ගැන විස්තරත් දාන්නම්කෝ හැමෝටම බලන්න

ඔයාලට සමහර විට දකින්න ලැබිලා ඇති සම්පූර්ණයෙන් අපේ රටේ කට්ටියට වැඩ කරන්න පුළුවන් වෙන විදියට අපේ විශ්ව විද්‍යාල අයියලා එහෙම linux සංස්කරණ නැවත සකසලා දෙන හැටි ඉතින් එහෙම වැඩක් තමයි අපිත් කලේ.ඒ වගේ දෙයක් දැකලා නැති අය ඉන්නවනම් ඕං මෙතනින් බලාගන්නකෝ

දැන් බහිමු කාරණාවට

මොකක්ද ඊළගට කරන්නේ අපි vlc දාලා සිංදුත් ඇහුවනේ ඒ නිසා සිංහල install කරලා ගේමක් නැතිව ලිනක්ස් උඩ සිංහලෙන් කොටමුකෝ.මේකෙන් අපිට ලිනක්ස් වල මෘදුකාංගයක් install කරන තවත් ක්‍රමයකුත් ඉගෙනගන්න පුළුවන් වේවි

අපි මේක කරන්න යන්නේ අන්තර්ජාල සබදතාව ඇතිවයි ඒ නිසා අපිට අවශ්‍ය කේතය මෙතනින් ගිහින් ගන්න පුළුවන්.මම ඉතින් ubuntu භාවිතා කරන නිසා මම ගන්නේ ඊට අදාළ ගොනුවයි.ඊට පස්සේ terminal එක open කරගෙන මේ කේතය copy කරගෙන terminal එකේ paste කරලා වැඩේ පටන් ගන්න පුළුවන්

sudo apt-get install ttf-sinhala-lklug ibus im-switch ibus-m17n-db m17n-contrib language-pack-si-base

මේ පින්තූර ටික බලාගෙන කරගෙන යන්නකෝ



install කරලා ඉවර උනාම terninal එක close කරලා Dash Home එකට ගිහින් මේ විදියට ibus කියලා search කරලා programme එක run කරගන්න


මේක run කරත්තාම අපිට උඩ panel එකේ keyboard එකක් වගේ icon එකක් පෙනෙයි පහල තියෙන රූපේ විදියට ඊට පස්සේ ඒක click කරලා ඒකේ preference තෝරගන්න 


ඊට පස්සේ පහල රූප පෙළ බලලා setting ටික හදාගන්න



keyboard layout එක තෝරගත්තාට පස්සේ අපිට සිංහල font එක install කරගන්න වෙනවා අපි ඒකට තෝරගන්නෙ iskoola pota කියන font එක.ඒක අපිට ලේසියෙන්ම මේ විදියට කරගන්න පුළුවන්



ඊළගට අපිට ibus මෘදුකාංගයට ගිහින් custom font එක වෙනුවට අපි ඉහත install කරපු font එක තෝරගන්න පුළුවන් මේ විදියට



දැන් ඉතින් වැඩේ ගොඩ.ඔන්න බලන්නකෝ සිංහලෙන් කෙටුවාම තියෙන ලස්සන


ඕං එහෙනන් ඒකත් හරි ඈ......
අදට ඇති ඈ.......



10 comments:

  1. anith linux versns walatath sinhala danne mevidiyatada?

    ReplyDelete
    Replies
    1. මේ විදියම තමයි හැබැයි ඒ ඒ සංස්කරණ වලට අදාල කේත සහ මෘදුකාංග ගොනුව තෝරගන්න වෙයි...බොහෝම ස්තූතියි කියවා ප්‍රතිචාර දැක්වීම සම්බන්ධව

      Delete
  2. වටින ලියමනක්..ස්තූතියි

    ReplyDelete
    Replies
    1. ඔයාටත් බොහෝම ස්තූතියි අක්කේ කොමෙන්ටුවට

      Delete
  3. මට දැනගන්න දෙයක් තියෙනව..කොහොමද සමනලයට ප්‍රයිවෙට් මැසෙජ් එකක් ෆේස් බුක් එකේ තියන්නේ?

    ReplyDelete
    Replies
    1. patapatasamanalaya@gmail.com මගින් හෝ ගැමියාගේ පත් ඉරුවට හෝ මණ්ඩිපාලට දැනුම් දෙන්නකෝ

      Delete
  4. ඇත්තටම සමනලයට ප්‍රයිවට් කතා කරන්ට තිබුනනම් වටිනවා... මයේ ඉමේල් එකට තරහ නැතුව මෙව්ව එකක් දානවද.. pavithra.blog@gmail.com

    ReplyDelete
    Replies
    1. අනිවා සහෝ මෙව්වා එකක් එවන්නම්

      Delete
  5. මෙහෙමයි ඉතිං මේ බ්ලොග් එක මගෙයි මණ්ඩිපාලගෙයි සහයෝගයෙන් ලියැවුනු එකක් ඒ නිසා මේ ගැන gamiyagepathiruwa@gmail.com වෙතට දැනුම් දෙන්නකෝ බොහෝම ස්තූතියි ප්‍රතිචාර දුන්නට

    ReplyDelete
  6. මම පොඩි ජවා Programmer කෙනෙක්..මම Desktop Application කරන්නෙ Ubuntu මෙහෙයුම් පද්ධති සඳහා..මම සින්හල Unicode භාවිත කරනව සින්හල Font එක හටියට..මට තියෙන ප්‍රස්නෙ තමයි වාර්ථා ගන්න විට සමහර සින්හල නම් හරියට එන්නෙ නෑ..උදා :- ක්‍රිශාන්ත, ප්‍රියන්ත

    පුලුවන්නම් උදව්වක් කරන්න ගොඩක් පිං

    ReplyDelete