ගොඩ කාලෙකින් මුකුත්ම ලියන්න බැරි උනානේ මේ දවස් ටිකේම මමයි මගෙ යාළුවයි අපේ ඉස්කෝලෙට linux මෙහෙයුම් පද්ධතියක් සංස්කරණය කර කර හිටියේ ඒ නිසා බ්ලොග් එක පැත්තටවත් එන්න බැරි වුණා මේකෙ මකුළු දැල් හිටන් බැදලානේ මේ සතියට දෙකට.
දැන් ඉතින් කස්ටිය බලනවා ඇති අපි මේ මොකක්ද කරේ කියලා ඒක ඉතින් දැන්ම පෙන්නන්න බෑ ඒ උනාට ඒක මොනවගේද කියලා අදහසක් දෙන්නම්කෝ.100% වැඩේ ඉවර උනාම ඒ ගැන විස්තරත් දාන්නම්කෝ හැමෝටම බලන්න
ඔයාලට සමහර විට දකින්න ලැබිලා ඇති සම්පූර්ණයෙන් අපේ රටේ කට්ටියට වැඩ කරන්න පුළුවන් වෙන විදියට අපේ විශ්ව විද්‍යාල අයියලා එහෙම linux
සංස්කරණ නැවත සකසලා දෙන හැටි ඉතින් එහෙම වැඩක් තමයි අපිත් කලේ.ඒ වගේ දෙයක් දැකලා නැති අය ඉන්නවනම් ඕං මෙතනින් බලාගන්නකෝ
දැන් බහිමු කාරණාවට
මොකක්ද ඊළගට කරන්නේ අපි vlc දාලා සිංදුත් ඇහුවනේ ඒ නිසා සිංහල install කරලා ගේමක් නැතිව ලිනක්ස් උඩ සිංහලෙන් කොටමුකෝ.මේකෙන් අපිට ලිනක්ස් වල මෘදුකාංගයක් install කරන තවත් ක්‍රමයකුත් ඉගෙනගන්න පුළුවන් වේවි
අපි මේක කරන්න යන්නේ අන්තර්ජාල සබදතාව ඇතිවයි ඒ නිසා අපිට අවශ්‍ය කේතය
මෙතනින් ගිහින් ගන්න පුළුවන්.මම ඉතින් ubuntu භාවිතා කරන නිසා මම ගන්නේ ඊට අදාළ ගොනුවයි.ඊට පස්සේ terminal එක open කරගෙන මේ කේතය copy කරගෙන terminal එකේ paste කරලා වැඩේ පටන් ගන්න පුළුවන්
sudo apt-get install ttf-sinhala-lklug ibus im-switch ibus-m17n-db m17n-contrib language-pack-si-base
මේ පින්තූර ටික බලාගෙන කරගෙන යන්නකෝ
install කරලා ඉවර උනාම terninal එක close කරලා Dash Home එකට ගිහින් මේ විදියට ibus කියලා search කරලා programme එක run කරගන්න
මේක run කරත්තාම අපිට උඩ panel එකේ keyboard එකක් වගේ icon එකක් පෙනෙයි පහල තියෙන රූපේ විදියට ඊට පස්සේ ඒක click කරලා ඒකේ preference තෝරගන්න
ඊට පස්සේ පහල රූප පෙළ බලලා setting ටික හදාගන්න
keyboard layout එක තෝරගත්තාට පස්සේ අපිට සිංහල font එක install කරගන්න වෙනවා අපි ඒකට තෝරගන්නෙ iskoola pota කියන font එක.ඒක අපිට ලේසියෙන්ම මේ විදියට කරගන්න පුළුවන්
ඊළගට අපිට ibus මෘදුකාංගයට ගිහින් custom font එක වෙනුවට අපි ඉහත install කරපු font එක තෝරගන්න පුළුවන් මේ විදියට
දැන් ඉතින් වැඩේ ගොඩ.ඔන්න බලන්නකෝ සිංහලෙන් කෙටුවාම තියෙන ලස්සන
ඕං එහෙනන් ඒකත් හරි ඈ......
අදට ඇති ඈ.......